Tea Report : ධනංජයගේ හා මදුෂ්කගේ අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි (19).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටි අතර, තේ පානය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 210 ක්.

අද දිනයට තරගය ආරම්භ වූ මොහොතේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළදී ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 80 ක් රැස් කළ අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 116 ක් ලබා ගත්තා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 53 ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 19 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිවා ආහාරයෙන් පසුව සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ නිශාන් මදුෂංක ලකුණු 52කට දැවී ගියා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

අනතුරුව දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා 5 වැනි කඩුල්ල සදහා ලකුණු 60 (97) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

කෙසේ වෙතත්, චන්දිමාල් ලකුණු 28 කට දැවී ගියා. සධීර සමරවික්‍රම දැවී ගියේ ලකුණු 11 ක් ලබා සිටියදී අබ්දුල්ලාහ් ශෆික් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනුයි.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 20 කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 18 යි. ඇන්ජෙලෝ මැතිව්ස් රැස් කළේ ලකුණු 7 ක් පමණයි.

පන්දු යැවීමේ දී නෝමන් අලී කඩුලු 3 ක් ද, ආගා සල්මාල් කඩුලු 2 ක් ද, අබ්‍රාර් අහ්මඩ් එක් කඩුල්ලක් ද මේ වන විට දවා ගැනීමට සමත්ව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 461 ක්. ඒ, ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමකයි. සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තේ පන්දු 361 කට මුහුණ දෙමින්. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත්. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 136 ක් ලබා දෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 61 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...