Watch : සියල්ලන් සිනහවට ලක් කළ සධීර හා අබ්‍රාර්ගේ නාටකය

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(18) දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයා බවට පත් වුණේ පාකිස්තානයේ සවුද් ශකීල්.

ඒ, ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමක පාකිස්තාන පළමු ඉනිම ලකුණු 461 ක් දක්වා රැගෙන යාමට ඔහු ක්‍රීඩා කළ සුපිරි ඉනිම හේතුවෙන්.

සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තේ පන්දු 361 කට මුහුණ දෙමින්. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත්.

අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.

අද දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් සිදු වීමක් දක්නට ලැබුණා.

ඒ, පාකිස්තාන ඉනිමේ 120 වැනි පන්දුවාරයේ දී රමේෂ් මෙන්ඩිස් යොමු කළ පන්දුවකින් පසුව පිතිකරණයේ නිරතව සිටි අබ්‍රාර් අහ්මඩ් හා සධීර සමරවික්‍රම අතරයි.

එහි දර්ශන කිහිපයක් පහතින් –

https://twitter.com/MuhammadTa25198/status/1681280826992996359

https://twitter.com/babarazamking_/status/1681283196393242624

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...