ඓතිහාසික 100 වැනි ටෙස්ට් ගැටුමට කොදෙව් සංචිතයට එක් වෙනසක්

Date:

දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් සින්ක්ලෙයාර් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ඔහුව ටෙස්ට් සංචිතයට නම් කළ පළමු අවස්ථාව මෙය වන අතර, රයිමන් රෙයිෆර් වෙනුවටයි කෙවින් සින්ක්ලෙයාර් ටෙස්ට් සංචිතයට ආදේශ කර ඇත්තේ.

පළමු ටෙස්ට් තරගය හා සැසදීමේ දී ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට සිදු කර ඇති එකම වෙනස්කම වන්නේ මෙම ආදේශ කිරීමයි.

කෙසේ වෙතත්, ක්‍රීඩකයෙකුට ආබාධයක් සිදුවුවහොත් සංචිතයට කැදවීමේ අරමුණින් රයිමන් රෙයිෆර් තවදුරටත් සංචිතය සමග රදවා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

23 හැවිරිදි සින්ක්ලෙයාර් පළමු පෙල තරග 18 කදී කඩුලු 54 ක් දවා ගෙන ඇති අතර, ලකුණු 756 ක් ද වාර්තා කර තිබෙනවා. ඒ, අර්ධ ශතක 6 ක් ද සමගින්.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ඉනිමක හා ලකුණු 141 ක ජයක් වාර්තා කළ අතර, අවසන් ටෙස්ට් තරගය ට්‍රිනිඩෑඩ්හි Port of Spain හී දී ආරම්භ වීමට නියමිතයි.

එය දෙරට අතර පැවැත්වෙන 100 වැනි ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්. ඉන්දියාව හා කොදෙව්වන් අතර පළමු වරට ටෙස්ට් තරගයක් පවත්වා තිබුණේ 1948 වසරේ දී දිල්ලිහී දී යි.

මෙතෙක් පවත්වා ඇති තරග 99 න් තරග 30ක් කොදෙව්වන් ද, තරග 23 ක් ඉන්දියාව ද ජය ගෙන තිබෙනවා.

West Indies squad for the second Test:

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Alick Athanaze, Tagenarine Chanderpaul, Rahkeem Cornwall, Joshua Da Silva (wk), Shannon Gabriel, Jason Holder, Alzarri Joseph, Kirk McKenzie, Kevin Sinclair, Kemar Roach, Jomel Warrican

Travelling reserves: Tevin Imlach, Akeem Jordan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...