නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Emerging Teams Asia Cup) 7 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය A කණ්ඩායම පරදා ලකුණු 184 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන A කණ්ඩායම අද(17) සමත් වුණා.
මෙම තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 309 ක්.
Sahibzada Farhan හා Kamran Ghulam ලකුණු 63 බැගින් ද, Saim Ayub ලකුණු 56 ක් ද, Mohammad Haris ලකුණු 55 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී Jash Giyanani ලකුණු 50 කට කඩුලු 4 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය A කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 29.5 ක් අවසානයේ ලකුණු 125 කට දැවී ගියා.
Aryansh Sharma ලකුණු 37 ක් හා Jonathan Figy ලකුණු 25 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 59 ක්.
පන්දු යැවීමේ දී Qasim Akram ලකුණු 26 කට කඩුලු 6 ක් දවා ගත්තා.

