ඉන්දීය A කණ්ඩායමට කඩුලු 9ක ජයක්

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(17) පැවැති තරගාවලියේ 8 වැනි තරගයෙන් නේපාලය පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායම සමත් වුණා.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 39.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167 ක් පමණයි.

නායක Rohit Paudel ලකුණු 65 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Nishant Sindhu කඩුලු 4 ක් හා Rajvardhan Hangargekar කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 22.1 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sai Sudharsan නොදැවී ලකුණු 58(52) ක් හා Abhishek Sharma ලකුණු 87(69) ක් රැස් කළා. Dhruv Jurel නොදැවී ලකුණු 21(12) යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...