විනය කැඩූ ඇෆ්ඝනිස්තාන පුහුණුකරුට හා තුන් ඉරියව් ක්‍රීඩකයාට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඔමර්සායිට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ පනවා තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝණය කරමින් කටයුතු කිරීමේ සිද්ධීන් දෙකක් හේතුවෙනුයි ඔවුන්ට එරෙහිව මෙලෙස දඩ පැනවීමක් සිදු කර ඇත්තේ.

ඔවුන් දෙදෙනා අයි.සී.සී විනය නීති සංග්‍රහය යටතේ පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවත්, ඒ අනුව තරඟ ගාස්තුවෙන් 15 % ක දඩයක් නියම කිරීමට කටයුතු කර ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

සිල්හෙට් හි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඇෆ්ඝනිස්තාන ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 17 කට සීමා කෙරුණා.

වර්ෂාව හේතුවෙන් දීර්ඝ කාල සීමාවක් තරගය නතර කිරීමට සිදු වූ අතර, තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වන බව දැනුම් දුන් අවස්ථාවකදී ප්‍රධාන පුහුණුකරු විසින් විනිසුරුවන්ට සිය අප්‍රසාදය පළ කර තිබුණා.

බංග්ලාදේශ ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී Towhid Hridoy ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව එය ආවේගශීලී අයුරින් විනය විරෝධීව සැමරීම අස්මතුල්ලාහ් ඔමර්සායිට එල්ල වූ චෝදනාවයි.

ඒ අනුව ඔහු ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

දඩ පැනවීමට අමතරව ඔවුන් දෙදෙනාගේම විනය වාර්තාවන්ට දඩුවම් ලකුණු (demerit point) එක බැගින් ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ජොනතන් ට්‍රොට් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි සිය වරද පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ ද බංග්ලාදේශ කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...