ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (17).
තේ පානය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 132 ක්. (මෙතෙක් දැවී ගිය කඩුලු 5 පහතින් නරඹන්න)
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අගා සල්මාන් ලකුණු 19 ක් හා සවුද් ශකීල් ලකුණු 22ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල් හක් එක් ලකුණකටත්, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19 කටත් දැවී ගියා. ශාන් මසූඩ් ලකුණු 39 යි.
නායක බාබර් අසාම් රැස් කළේ ලකුණු 13 ක් පමණයි. සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 242 ක්. ශ්‍රී ලංකා ඉනිමේ සියලු දෙනා ලකුණු 312 කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් අද සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ ගැළවුම්කරු වූ ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් රැස් කළා. පන්දු 214 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 12ක් ඇතුළත්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ද, සධීර සමරවික්‍රම ලකුණු 36 ක් ද, නායක දිමුත් කරුණාරත්න ලකුණු 29 ක් ද රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 54 දී බිද වැටුණු පසුබිමක මැතිව්ස් හා ධනංජය 5 වැනි කඩුල්ලට ලකුණු 131 (198) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 86 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නසීම් ශාහ් ලකුණු 90 කට කඩුලු 3 ක් බිද හෙලුවා. අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 68 ක් ලබා දෙමින්.
ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 180 ක්.
— CricDaily24 (@cricday96) July 17, 2023

