ඇන්ඩර්සන් කැදවමින් සිව්වැනි අළුබදුනට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම කණ්ඩායම සදහා තෙවැනි තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් යළි නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් වෙනුවට ඔහුව කණ්ඩායමට ආදේශ කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක සිව්වැනි ටෙස්ට් තරගය එළඹෙන 19 වැනිදා මැන්චෙස්ටර් හි Old Trafford ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරග 5කින් යුත් අළුබදුන තරගාවලිය තරග 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව මේ වන විට පෙරමුණ හිමි කර ගෙන සිටින බැවින් එංගලන්තයට යළි අළුබදුන ශූරතාවය ජය ගැනීමටනම් සිව්වැනි ටෙස්ට් තරගය එංගලන්තයට අනිවාර්යයෙන්ම ජය ගැනීමට සිදු වනවා.

England XI:

Ben Duckett, Zak Crawley, Moeen Ali, Joe Root, Harry Brook, Ben Stokes (c), Jonny Bairstow (wk), Chris Woakes, Mark Wood, Stuart Broad, James Anderson.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...