ලකුණු 3ක තියුණු ජයකින් ඔස්ට්‍රේලියාව අළුබදුන රැක ගනියි

Date:

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරමින් කාන්තා අළුබදුන කුසලානය තවදුරටත් තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන්හි පැවැති දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 282 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 279 ක් පමණයි.

Nat Sciver-Brunt පන්දු 99 කින් ලකුණු 111 ක් නොදැවී රැස් කළ නමුත් එය ජයග්‍රහනයට ප්‍රමාණවත් වූයේ නැහැ. Tammy Beaumont ලකුණු 60 යි.

පන්දු යැවීමේ දී Ashleigh Gardner හා Alana King කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Ellyse Perry ලකුණු 91 ක් හා Annabel Sutherland ලකුණු 50 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Lauren Bell හා Sophie Ecclestone කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඔස්ට්‍රේලියාව ලැබූ මෙම ජයත් සමග තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් අළුබදුන තරග මාලාව මේ වන විට ප්‍රසාද ලකුණු 8-6 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි.

අළුබදුන තරගමාලාව යටතේ පැවැත්වීමට ඉතිරිව ඇත්තේ තෙවැනි එක්දින තරගය පමණයි. එම තරගය එංගලන්තය ජය ගත්ත ද, අළුබදුන තරග මාලාව ජය ගැනීමට එංගලන්තයට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...