ධනංජයගේ සුපිරි ශතකය හමුවේ ශ්‍රී ලංකාවෙන් පළමු ඉනිමට ලකුණු 312 ක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (17).

දිනය ආරම්භ කරන විට ගාල්ලේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 242 ක්. ශ්‍රී ලංකා ඉනිමේ සියලු දෙනා ලකුණු 312 කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් අද සමත් වුණා.

දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 5කට දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 යි.

ශ්‍රී ලංකා ඉනිමේ ගැළවුම්කරු වූ ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් රැස් කළා. පන්දු 214 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 12ක් ඇතුළත්.

කසුන් රාජිත ලකුණු 8කට දැවී යාමත් සමගයි ශ්‍රී ලංකා ඉනිම අවසන් වුණේ. විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 21 යි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ද‍, සධීර සමරවික්‍රම ලකුණු 36 ක් ද, නායක දිමුත් කරුණාරත්න ලකුණු 29 ක් ද රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 54 දී බිද වැටුණු පසුබිමක මැතිව්ස් හා ධනංජය 5 වැනි කඩුල්ලට ලකුණු 131 (198) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 86 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නසීම් ශාහ් ලකුණු 90 කට කඩුලු 3 ක් බිද හෙලුවා. අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 68 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...