බ්‍රාවෝගේ හයේ වරුසාව අපතේ යයි ; සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 6ක පරාජයක්

Date:

ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 6ක ජයක් වාර්තා කිරීමට වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම සමත් වුණා.

ටෙක්සාස්හි Grand Prairie ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වොෂින්ටන් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තා.

මැතිව් ශෝර්ට් පන්දු 50 කින් ලකුණු 80 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින්.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටෙක්සාස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩ්වේයන් බ්‍රාවෝ පන්දු 39 කින් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

එක් හයේ පහරක් මීටර් 106 ක් දුරට එල්ල කිරීමට බ්‍රාවෝ සමත් වුණේ අන්රික් නොකියා යොමු කළ පන්දුවකටයි. එය තරගාවලියේ මෙතෙක් වාර්තා වූ දිගම හයේ පහර වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් හා අකීල් හොසෙයින් කඩුලු 2 බැගින් බිද හෙලමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...