බංග්ලාදේශ ක්‍රීඩිකාවන් ඉන්දියාවට එරෙහි ඉතිහාසයේ පළමු එක්දින ජය ලබයි

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ වාර්තා කළ සිය පළමු එක්දින තරග ජය ලැබීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(16) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන්නා.

කෙසේ වෙතත්, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඉනිමක් පන්දුවාර 44 කට සීමා කිරීමට සිදු වුණා.

බංග්ලාදේශයට පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

Nigar Sultana ලකුණු 39 ක් රැස් කළ අතර, Fargana Hoque ලකුණූ 27 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Amanjot Kaur ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 35.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

Deepti Sharma ලකුණු 20 ක් ද, Yastika Bhatia හා Amanjot Kaur ලකුණු 15 බැගින් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Marufa Akter ලකුණු 29 කට කඩුලු 4 ක් හා Rabeya Khan ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලමින් බංග්ලාදේශයට ඓතිහාසික ජයක් උරුම කර දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...