සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ගාලු ක්රීඩාංගනයේ දී පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කණ්ඩායමට කැදවා ඇත්තේ අසිත ප්රනාන්දු වෙනුවටයි. අසිත ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරුණා.
මේ අතර, පාකිස්තානය වෙනුවෙන් ශහීන් ශාහ් අෆ්රිඩි යළි කැදවා තිබෙනවා.
කණ්ඩායම් දෙක –
Pakistan XI:
Abdullah Shafique, Imam-ul-Haq, Shan Masood, Babar Azam (c), Sarfaraz Ahmed (wk), Saud Shakeel, Agha Salman, Nauman Ali, Naseem Shah, Abrar Ahmed, Shaheen Shah Afridi
Sri Lanka XI :
Dimuth Karunaratne (c), Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Sadeera Samarawickrama (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Vishwa Fernando, Kasun Rajitha

