ඩී කොක් නායකත්වයෙන් ඉවතට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියට ක්‍රීඩා කරන ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ක්වෙන්ටන් ඩී කොක් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව 2024 තරග වාරය වෙනුවෙන් කේෂාව් මහරාජ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඩී කොක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, SA20 තරගාවලියේ පළමු තරගයේ දී ඔහුගේ නායකත්වය යටතේ ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග 10කින් ජය ගත්තේ තරග 4 ක් පමණයි.

කෙසේ වෙතත්, පිතිකරුවෙකු ලෙස ඔහු එම තරග වාරයේ දී ලකුණු 271 ක් වාර්තා කළේ 151.39 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

ඩී කොක් වෙනුවට නායකත්වයට පත් කෙරුණු මහරාජ් දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින තරග 7කදී හා 20යි 20 තරග 5 කදී මෙහෙයවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...