පාකිස්තාන A කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Emerging Teams Asia Cup) සිව්වැනි තරගයෙන් නේපාලය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන A කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 37 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් රැස් කළා. ඒ, ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 72 දී බිද වැටුණු පසුබිමකයි.

Sompal Kami ලකුණු 75 ක් රැස් කරමිනුයි නේපාල කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ.

පන්දු යැවීමේ දී ශහ්නවාස් ධහානි කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 38 ක් ලබා දෙමින්. මොහමඩ් වසීම් ලකුණු 51 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන A කණ්ඩායම පන්දුවාර 32.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tayyab Tahir ලකුණු 51 ක් ද, Omair Yousuf ලකුණු 36 ක් ද, Kamran Ghulam ලකුණු 31 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Lalit Rajbanshi ලකුණු 50 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...