යශ් ධුල්ගේ ශතකය හමුවේ ඉන්දීය A කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Emerging Teams Asia Cup) තෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය A කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

Ashwanth Valthapa ලකුණු 46 ක්, Aryansh Sharma ලකුණු 38 ක් හා Mohammed Faraazuddin ලකුණු 35 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Harshit Rana ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Nitish Kumar Reddy හා Manav Suthar කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 26.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

නායක Yash Dhull නොදැවී ලකුණු 108 ක් ලබා ගත්තේ පන්දු 84 කින්. හයේ පහරක් හා හතරේ පහර 20 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. Nikin Jose නොදැවී ලකුණු 41 යි.

පන්දු යැවීමේ දී Muhammad Jawadullah හා Ali Naseer කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...