නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Emerging Teams Asia Cup) සිව්වැනි තරගයෙන් නේපාලය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන A කණ්ඩායම අද(14) සමත් වුණා.
කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 37 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් රැස් කළා. ඒ, ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 72 දී බිද වැටුණු පසුබිමකයි.
Sompal Kami ලකුණු 75 ක් රැස් කරමිනුයි නේපාල කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ.
පන්දු යැවීමේ දී ශහ්නවාස් ධහානි කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 38 ක් ලබා දෙමින්. මොහමඩ් වසීම් ලකුණු 51 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන A කණ්ඩායම පන්දුවාර 32.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Tayyab Tahir ලකුණු 51 ක් ද, Omair Yousuf ලකුණු 36 ක් ද, Kamran Ghulam ලකුණු 31 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී Lalit Rajbanshi ලකුණු 50 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

