ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන සිව්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.
තෙවැනි තරගය සදහා නම් කෙරුණු සංචිතයම සිව්වැනි තරගය සදහා ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව බෙන් ෆෝක්ස්ට මෙම සංචිතයේ ද ස්ථානයක් හිමිව නොමැති අතර, සිව්වැනි තරගයේ දී ද කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ජොනී බෙයාර්ස්ටව් කටයුතු කරනු ඇති.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.
සිව්වැනි අළුබදුන ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හි Old Trafford ක්‍රීඩාංගනයේ දී එළඹෙන 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

