ඕෂදගෙන් ශතකයක්, පාකිස්තානය ලකුණු 36 ක් පිටුපසින් ; පළමු දිනයේ ලකුණු සටහන මෙන්න

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද(11) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටියා.

අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 25කටත්, ඉමාම් උල් හක් ලකුණු 36 කටත්, ශාන් මසූඩ් ලකුණු 83 කටත් දැවී ගියා. බාබර් අසාම් නොදැවී ලකුණු 14 යි.

පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ කඩුලු 2 ක් හා කවිශ්ක අංජුල එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 196 ක් පමණයි.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 113ක් රැස් කළ නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් සැලකිය යුතු දක්ෂතාවයක් දැකිය හැකි වූයේ නැහැ.

සදුන් වීරක්කොඩි ලකුණු නොලබාත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 5කටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 21 කටත් දැවී ගියා. නිරෝෂන් දික්වැල්ල ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, නිපුන් ධනංජය ලකුණු 14 යි.

අහන් වික්‍රමසිංහ ලකුණු දෙකකටත්, ලක්ෂිත මනසිංහ ලකුණු 10 කටත්, කවිශ්ක අංජුල ලකුණු දෙකකටත්, මිලාන් රත්නායක ලකුණු 15කටත් දැවී ගියා. ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණු 1යි.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි හා හසන් අලී කඩුලු 3 බැගින් බිද හෙලුවා. අබ්‍රාර් අහ්මඩ් හා ආමීර් ජමාල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 36 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...