බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට පසුගියදා ගත් තීරණය ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීමක් බවට පත් වුණා.
මෙලෙස විශ්‍රාම ගැනීමට ගත් තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කළ පළමු ක්‍රීඩකයා ඔහු නොවන බව ඔබ හොදාකාරයෙන්ම දන්නා කරුණක්.
මෑතකදී භානුක රාජපක්ෂ ද මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගෙන යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට තීරණය කළ බව ඔබට මතක ඇති.
මෙලෙස විශ්‍රාම ගැනීම නිවේදනය කර පසුව යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයින් 11 දෙනෙකු පිළිබදවයි මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ.
(විදෙස් ක්‍රීඩා පිටුවක් ඇසුරිනි)
- ජාවෙඩ් මියැන්ඩාඩ් (පාකිස්තානය) – 1996 වසරේ දී විශ්‍රාම ගත් අතර, දින 10කින් සිය තීරණය වෙනස් කළා.
- තමිම් ඉක්බාල් (බංග්ලාදේශය) – 2023 වසරේ දී විශ්‍රාම ගත් අතර, එක් දිනකින් සිය තීරණය වෙනස් කළා.
- භානුක රාජපක්ෂ (ශ්‍රී ලංකාව) – 2022 වසරේ දී විශ්‍රාම ගත් අතර, එම වසරේ දී ම සිය තීරණය වෙනස් කළා.
- කෙවින් පීටර්සන් (එංගලන්තය) – 2011 වසරේ දී එක්දින හා T20 පිටියෙන් සමු ගත් අතර, එම වසරේ දී ම තීරණය වෙනස් කළා.
- ශහිඩ් අෆ්රිඩි (පාකිස්තානය) – 2006, 2010, 2011, 2014, 2017 වසරවලදී විශ්‍රාම ගැනීම් නිවේදන කළා. 2006, 2011, 2016 දී තීරණ වෙනස් කළා.
- බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ) – 2015 වසරේ දී විශ්‍රාම ගත් අතර, 2017 වසරේ දී සිය තීරණය වෙනස් කළා.
- මොයීන් අලී (එංගලන්තය) – 2021 වසරේ දී ටෙස්ට් පිටියට සමු දුන් අතර, 2023 වසරේ දී යළි ටෙස්ට් පිටියට පිවිසියා.
- ඩ්වේයන් බ්‍රාබෝ (බටහිර ඉන්දීය කොදෙව්) – 2018 වසරේ දී විශ්‍රාම ගත් අතර, 2020 වසරේ දී තීරණය වෙනස් කළා.
- ඉම්රාන් ඛාන් (පාකිස්තානය) – 1987 වසරේ දී විශ්‍රාම ගත් අතර, 1992 වසරේ දී තීරණය වෙනස් කළා.
- ජවගල් ශ්‍රීනාත් (ඉන්දියාව) – 2002 වසරේ දී විශ්‍රාම ගැනීමට ගත් තීරණය එම වසරේ දී ම වෙනස් කළා.
- ජෙරොම් ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්) – 2016 වසරේ දී ටෙස්ට් පිටියට සමු දුන් අතර, 2017 වසරේ දී තීරණය වෙනස් කළා.

