එංගලන්ත තරගාවලිය සහ 2021 IPL තරගාවලියත් එක්සත් අරාබියේ දී

Date:

එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ඉන්දීය ටෙස්ට් තරග සංචාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ එමිරේට්ස් ක්‍රිකට් ආයතනය අතර මේ වන විට ක්‍රිකට් සබදතා වැඩිදියුණු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තබා ඇති බව සදහන්.

ඒ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කළා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සදහා පමණක් මෙම ගිවිසුම අත්සන් තබා ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරය මෙන්ම ලබන වසරේ අයි.පී.එල් තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත්.

කොරෝනා වසංගතය හේතුවෙනුයි ඉන්දියාව සත්කාරකත්වය දැරිය යුතු තරග එරටදීම පැවැත්වීමේ දුෂ්කරතාවයකට ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ දී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...