Lanka T10 දෙසැම්බර් මාසයට කල් යයි

Date:

‘Lanka T10’ (ලංකා ටී ටෙන්) ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මීට පෙර එම තරගාවලිය පසුගිය ජූනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, දේශීය හා ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය පැවැත්වීමට සුදුසු මාසය ලෙස දෙසැම්බර් මාසය තෝරා ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 දක්වා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.

තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන්නේ TTen Sports Management හා TTen Global Sports මෙන්ම Innovative Production Group FZE (IPG)) යන සමාගම් සමග එක්වයි.

තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක් කණ්ඩායමක සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නම් කළ හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...