නයිට් රයිඩර්ස් නායකත්වය සුනිල් නරේන්ට

Date:

ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් (MLC) තරගාවලියේ පළමු අදියරේ දී ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නරේන්ට හිමිව තිබෙනවා.

ඔහු සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ද නියෝජනය කරන අන්ඩ්‍රි රසල් ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පිල් සිමන්ස් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ලොකී ෆර්ගසන්, ජේසන් රෝයි, රයිලි රොසෝව්, මාර්ටින් ගප්ටිල් හා ඇඩම් සම්පා වැනි විදෙස් ක්‍රීඩකයින් ද ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත්.

තරගාවලිය ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි. නයිට් රයිඩර්ස් කණ්ඩායම MLC තරගාවලිය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය එදින ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව Grand Prairie ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත තරගාවලිය සදහා තරග 19 ක් ඇතුළත්.

තරගාවලියට එක්වන කණ්ඩායම් 4 ක් සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් 4ක් විසින් ආයෝජනය කර තිබීම ද විශේෂත්වයක්. ඒ අනුව Chennai Super Kings කණ්ඩායම විසින් Texas Super Kings කණ්ඩායම සදහා ද, Mumbai Indians කණ්ඩායම විසින් MI New York කණ්ඩායම සදහා ද, Kolkata Knight Riders කණ්ඩායම විසින් Los Angeles Knight Riders කණ්ඩායම සදහා ද, Delhi Capitals කණ්ඩායම විසින් Seattle Orcas කණ්ඩායම සදහා ද අයෝජනය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...