සහන්, වනිදු හා මදුෂංකගේ දක්ෂතා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබන්නන්ගේ ශූරතාවය හිමි කර දෙයි

Date:

සහන් ආරච්චිගේ වාර්තා කළ අර්ධ ශතකය හා ඩිල්ෂාන් මදුෂංක, වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(9) සමත් වුණා.

සිම්බාබ්වේ හි හරාරේ නුවර පැවැති  තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 47.5 ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ඉනිමේ සියලු දෙනා පන්දුවාර 23.3 ක් අවසානයේ දී ලකුණු 105 කට දවා ගනිමින් අපරාජිතවම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව අඛන්ඩව වාර්තා කළ 10 වැනි එක්දින තරග ජය මෙය වීම විශේෂත්වයක්. මීට පෙර ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී එලෙස අඛණ්ඩව එක්දින තරග 10 බැගින් ජය ගෙන තිබුණා.

අද තරගයේ දී නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ Max O’Dowd. ඔහු ලකුණු 33 ක් රැස් කළ අතර, Logan van Beek නොදැවී ලකුණු 20යි. Vikramjit Singh ලකුණු 13 කට දැවී ගියා. වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ඩිල්ෂාන් මදුෂංක ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා. (දර්ශන පහතින්) වනිදු හසරංග කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 35 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 39 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක හා සධීර සමරවික්‍රම සමත් වුණා. සධීර ලකුණු 19 කටත්, නිස්සංක ලකුණු 23 කටත් දැවී ගියා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා සහන් ආරච්චිගේ තෙවැනි කඩුල්ල සදහා ලකුණු 72 (77) ක සම්බන්ධතාවයක් ද, සහන් ආරච්චිගේ හා චරිත් අසලංක සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 64 (75) ක සම්බන්ධතාවයක් ද ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාම වෙනුවෙන් පදනම සකස් කළා.

© ICC via Getty Images

මෙන්ඩිස් ලකුණු 43 ක් ද, සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ සහන් ලකුණු 57 ක් ද රැස් කළා. අසලංක දුවද්දී දැවී ගියේ ලකුණු 36 ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සහන් ආරච්චිගේ මුළු ලකුණු පුවරුව ලකුණු 180 ක් ලෙස සටහන්ව තිබියදී දැවී යාමත් සමග ලකුණු 10 ක් තුළ කඩුලු 4 ක් දැවී යාම විශේෂත්වයක්. යළි අසාර්ථක වූ දසුන් ශානක එක් ලකුණකට දැවී ගියා.

අනතුරුව වනිදු හසරංග ලකුණු 29 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 13 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Logan van Beek, Ryan Klein, Vikramjit Singh හා Saqib Zulfiqar කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ඩිල්ෂාන් මදුෂංක. තරගාවලියේ වීරයා සම්මානය සිම්බාබ්වේ ක්‍රීඩක ශෝන් විලියම්ස් දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...