තමිම් ඉක්බාල් සිය විශ්‍රාම ගැනීමේ තීරණය හකුලා ගනියි

Date:

ඊයේ (6) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් අදාළ තීරණය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina සමග පැවැති සාකච්ඡාවකින් පසුවයි ඔහු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇත්තේ.

“අද හවස අගමැතිනිය මට ඇගේ නිවසට ආරාධනා කළා. ඇය මට අවවාද කර නැවත ක්‍රීඩා කරන ලෙස ඉල්ලා සිටියා.” යනුවෙන් අදාළ සාකච්ඡාවෙන් පසුව තමිම් සදහන් කළා.

ඒ අනුව තමා සිය තීරණය හකුලා ගනිමින් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.

“ඇයට බෑ කියලා කියන්න අමාරුයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාස 3ක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමක ඔහු ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කිරීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට යොමු වුණා.

වහාම ක්‍රියාත්මක වන පරිදි තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව තමිම් ඉක්බාල් නිවේදනය කළේ Chattogram හී දී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී කදුළු සලමින් ඉතා හැගීම්බරව අදහස් දක්වමින් තමිම් ඉක්බාල් සිය විශ්‍රාම ගැනීමේ තීරණය නිවේදනය කළා.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණුලාභියා වන ඔහු තරග 241කදී ලකුණු 8,313 ක් රැස් කර තිබෙනවා. ශතක 14 ක් ඊට ඇතුළත් අතර එය ද බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු එක්දින පිටියේ දී වාර්තා කර ඇති වැඩිම ශතක ප්‍රමාණයයි.

ටෙස්ට් පිටියේ දී ඔහු ලකුණු 5134 ක් රැස් කර ඇති අතර, එය ටෙස්ට් ඉතිහාසයේ බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. 20යි 20 තරග 78 කදී තමිම් ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 1758 ක්.

34 හැවිරිදි තමිම් ඉක්බාල් පසුගිය වසරේ දී 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...