කොදෙව්වන් පැරද වූ ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් මහා තරගයට

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 29 වැනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් අපරාජිතව තරගාවලියේ මූලික වටයේ හා සුපිරි හය වටයේ තරග අවසන් කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ අනුව සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් සුපිරි 6 වටය අවසන් කිරීමට ද ශ්‍රී ලංකාව සමත් වුණේ ප්‍රසාද ලකුණු 10 ක් හිමි කර ගනිමින්. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ශ්‍රී ලංකාව මේ වන විට අඛණ්ඩව එක්දින තරග 9ක් ජයගෙන තිබීම ද විශේෂත්වයක්.

සිම්බාබ්වේ හි හරාරේ නුවර පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 244 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්න අතර ලකුණු 190 ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

සිය තෙවැනි ශතකය වාර්තා කළ පැතුම් ලකුණු 104 කට දැවී ගියා. පන්දු 113 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්. ඔහු අඛණ්ඩව වාර්තා කළ දෙවැනි ශතකය මෙය වීම ද විශේෂත්වයක්.

දිමුත් පන්දු 92 කින් ලකුණු 83 ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සමගින්. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34 ක් හා සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 17 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 243 ක් රැස් කළේ කේසි කාර්ති ලබා ගත් ලකුණු 87 න් ශක්තිමත් වෙමින්. ජොන්සන් චාර්ල්ස් ලකුණු 39 යි. කොදෙව් ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 81 දී ද, 7 වැනි කඩුල්ල ලකුණු 123 දී ද, 8 වැනි කඩුල්ල ලකුණු 155 දී ද බිද වැටුණා.

කෙසේ වෙතත්, රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 26 ක් හා කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25 ක් රැස් කරමින් කොදෙව් පසුපෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කොදෙව් ඉනිම අඩපන කරමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත්තා. දුෂාන් හේමන්ත කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 49 ක් ලබා දෙමින්. ඩිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැති අතර, උඩ පන්දු කිහිපයක්ම කණ්ඩායම් දෙකේම පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තේ ද එම කණ්ඩායම් දෙකයි.

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...