ශ්‍රී ලංකාවට එන බවට රමීස් රාජාගෙන් ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉදිරියේ දී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී යළිත් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස තමා කටයුතු කිරීමට සූදානමින් සිටින බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානී රමීස් රාජා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව තහවුරු කළා.

පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන රමීස් රාජා “‘Camera’, ‘Sound’ and ‘Action!’ Back in the comm box for Pak SL series,” යනුවෙන් සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඔහු විස්තර විචාරක කටයුතුවලින් ඉවත්ව සිටියේ එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත් වීමත් සමගයි.

වසර 3ක කාලයක් සදහායි රමීස් රාජා එම ධූරයට පත් වුණේ. කෙසේ වෙතත්, වසරකට පසුව ඔහු ඇතුළු නිළධාරීන් ඉවත් කර නජාම් සෙතීගේ සභාපතිත්වයෙන් යුත් 14 දෙනෙකුගෙන් යුත් කළමණාකරණ කමිටුවක් පත් කෙරුණා.

ටෙස්ට් තරග දෙකක් ඇතුළත් පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම ජූලි 9 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර පාකිස්තාන කණ්ඩායම ජූලි 11 වැනිදා හා 12 වැනිදා දෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ 2023-25 අදියර යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

Pakistan squad:

Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masoo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...