අවසන් වටයේ තරග අඩු කරමින් BBL තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියරේ තරග කාලසටහන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

අවසන් වටය සදහා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කරන තරග 4කින් යුත් නව ආකෘතියක් මෙවර හදුන්වා දී තිබීම විශේෂත්වයක්.

තරගාවලිය සදහා තරග 44 ක් ඇතුළත් අතර, මූලික වටයේ දී සියලු කණ්ඩායම් අතර සත්කාරක හා සංචාර ලෙස තරග 40 ක් පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 7 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු තරගය බ්‍රිස්බේන් හීට් කණ්ඩායම හා මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම අතර ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග 7ක් පැවැත්වීමෙන් පසුව දෙසැම්බර් 14 වැනිදා සිට 18 වැනිදා දක්වා තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ ඔස්ට්‍රේලියා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය හේතුවෙන්.

මීට පෙර බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී අවසන් වටය සදහා කණ්ඩායම් 5 ක් සුදුසුකම් ලබා ගත් අතර, එහිදී තරග 5 ක් පැවැත්වුණා. කෙසේ වෙතත්, මෙවර එය අයි.පී.එල් ආකෘතිය අනුගමනය කරමින් කණ්ඩායම් 4 ක් දක්වා අවම කර තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙක අවසන් වටයේ පළමු තරගය සදහා (Qualifier) ජනවාරි 19 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් වටයේ දෙවැනි තරගය (Knockout) පැවැත්වෙන්නේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අතරයි. ඉන් ජය ගන්නා කණ්ඩායම Challenger හෙවත් අවසන් වටයේ තෙවැනි තරගයේ දී Qualifier තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

අනතුරුව ජනවාරි 24 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය Challenger තරගයෙන් ජය ගත් කණ්ඩායම හා Qualifier තරගයෙන් ජය ගත් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

BBL

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...