එංගලන්තයට ලකුණු 3ක තියුණු ජයක් ; ඔස්ට්‍රේලියාව 6-2 ක් ලෙස තවදුරටත් පෙරමුණේ

Date:

මෙවර කාන්තා අළුබදුන තරග මාලාවේ සිය පළමු ජය වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු 6-2 ක් ලෙස අළුබදුන තරගමාලාවේ තවදුරටත් පෙරමුණේ පසුවනවා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තා.

Danni Wyatt පන්දු 46 කින් ලකුණු 76 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 13 ක් සමගින්.

පන්දු යැවීමේ දී Annabel Sutherland ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 183 ක් පමණයි.

Ellyse Perry පන්දු 27 කින් නොදැවී ලකුණු 51 ක් රැස් කළ නමුත්, එය ජයග්‍රහනයට ප්‍රමාණවත් වූයේ නැහැ. හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඇයගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී Sarah Glenn හා Sophie Ecclestone කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...