බංග්ලාදේශ නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාස 3ක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමක ඔහු මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ඔහුගේ වසර 16 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඊයේ(5) ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරගයත් සමග නිමාවට පත්වනවා.

එම තරගයෙන් බංග්ලාදේශය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17 කින් පරාජයට පත් වුණා.

Chattogram හී දී අද(6) පැවැති මාධ්‍ය හමුවකදී කදුළු සලමින් ඉතා හැගීම්බරව අදහස් දක්වමින් තමිම් ඉක්බාල් සිය විශ්‍රාම ගැනීමේ තීරණය නිවේදනය කළා. (දර්ශන පහතින්)

ඔහු වෙනුවට බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේ කවුරුන්දැයි මෙතෙක් නිවේදනය කර නැහැ.

මේ වන විට බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස ශකිබ් අල් හසාන් කටයුතු කරන අතර, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලිටොන් දාස්.

34 හැවිරිදි තමිම් ඉක්බාල් පසුගිය වසරේ දී 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළා. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ අයර්ලන්තයට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ දී යි.

2007 වසරේ දී ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි ඉක්බාල් එම වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව ලැබූ ඓතිහාසික ජයග්‍රහනයේ දී අර්ධ ශතකයක් ද වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහනයට මග පාදා දුන්නා.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණුලාභියා වන ඔහු තරග 241කදී ලකුණු 8,313 ක් රැස් කර තිබෙනවා. ශතක 14 ක් ඊට ඇතුළත් අතර එය ද බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු එක්දින පිටියේ දී වාර්තා කර ඇති වැඩිම ශතක ප්‍රමාණයයි.

ටෙස්ට් පිටියේ දී ඔහු ලකුණු 5134 ක් රැස් කර ඇති අතර, එය ටෙස්ට් ඉතිහාසයේ බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. 20යි 20 තරග 78 කදී තමිම් ලබා ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 1758 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...