මැක්ස්වෙල් හා මාෂ්ට කෝටි 4.8 ක ගිවිසුමක් අත්හරින්න වෙයි

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ග්ලේන් මැක්ස්වෙල් හා මිචෙල් මාෂ් එංගලන්තයේ පැවැත්වීමට නියමිත මෙවර හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම London Spirit කණ්ඩායම වෙනුවෙනුයි ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ.

පවුම් 125,000 ක (රුපියල් කෝටි 4.8 ක පමණ) වටිනාකමකින් යුත් ගිවිසුම් යටතේ ග්ලේන් මැක්ස්වෙල් හා මිචෙල් මාෂ් තරගාවලියට තෝරා ගෙන තිබුණා.

කෙසේ වෙතත්, එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඇතුළු කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු කළමණාකරණය කිරීමේ අරමුණින් මැක්ස්වෙල්ට හා මාෂ්ට තරගාවලියෙන් ඉවත් වන ලෙස එරට ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...