වැස්සෙන් සිදු වූ බාධා මැද බංග්ලාදේශය පරදා ඇෆ්ඝනිස්තානය පළමු තරගය ජය ගනියි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(5) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිම පන්දුවාර 43 කට සීමා කෙරුණු අතර, ඔවුන් එම පන්දුවාර සංඛ්‍යාව නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 169 ක් ලබා ගනිමින්.

Towhid Hridoy ලකුණු 51 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි කඩුලු 3 ක් බිද හෙලුවා. මුජිබ් උර් රහ්මාන් හා රෂීඩ් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 21.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඇෆ්ඝනිස්තානය තරගය ජය ගැනීමට ලබා ගෙන සිටිය යුතු වූ ලකුණු ප්‍රමාණය 67 ක්.

ඒ අනුවයි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17ක ජයක් හිමි වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...