Watch : පිට ඉන්න හා මැද ඉන්න විසි වී ගිය චාර්ල්ස්ගේ දැවී යාම

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 27 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කොදෙව් ආරම්භක පිතිකරු ජොන්සන් චාර්ල්ස්ගේ කඩුල්ල දවා ගැනීමට ඕමානයේ Kaleemullah සමත් වුණා.

හරාරේ හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 221 ක් ලබා ගත්තා.

කොදෙව් පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස චාර්ල්ස් දැවී ගියේ ලකුණු 4 ක් ලබා සිටියදී යි. ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 4ක්.

දෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී කොදෙව් ලකුණු පුවරුව ලකුණු 7 ක් ලෙස සටහන්ව තිබියදීයි ජොන්සන් චාර්ල්ස් දැවී ගියේ.

Kaleemullah යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මෙම කඩුල්ල බිද වැටුණා.

එහිදී පන්දුව කඩුල්ලේ වැදීමෙන් අනතුරුව පිට ඉන්න මෙන්ම මැද ඉන්න ද ගැළවී විසි වී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දැවී ගිය කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...