තෙවැනි අළුබදුනෙන් තිදෙනෙකු ඉවතට ; ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නාත් ඒ අතර

Date:

ඔස්ට්‍රේලියාව සමග හෙට (6) ආරම්භ වීමට නියමිත තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම හා සැසදීමේ දී මෙම තරගයට වෙනස්කම් 3ක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආබාධයකට ලක් වූ ඔලී පෝප් සමගින් ජොෂ් ටොන්ග් හා ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී, වේග පන්දු යවන්නන් වන මාර්ක් වුඩ් හා ක්‍රිස් වෝක්ස්.

පෝප් දෙවැනි ටෙස්ට් තරගයේ දී උරහිසක ආබාධයකට ලක් වූ බැවින් ඔහුට මෙම තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වුණා. ඔහු වෙනුවට ඩෑන් ලෝරන්ස් කණ්ඩායමට ආදේශ කරනු ඇති බවට අපේක්ෂා කෙරුණ ද දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ මොයීන් අලී කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අලී පළමු තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙනුයි දෙවැනි තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුණේ.

ඔලී පෝප් ක්‍රීඩා නොකරන බැවින් තෙවැනි ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස හැරී බෘෘක්ට උසස් වීමක් ලැබීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලීඩ්ස් හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ දී හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව තරග 5 කින් යුත් අළුබදුන තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

England XI:

Ben Duckett, Zak Crawley, Harry Brook, Joe Root, Ben Stokes (c), Jonny Bairstow (wk), Chris Woakes, Moeen Ali, Stuart Broad, Mark Wood, Ollie Robinson.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...