බ්‍රෙන්ඩන්ගේ ශතකය හමුවේ කොදෙව්වන් සුපිරි හයේ පළමු ජය ලබයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ සිය පළමු ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, තරගාවලියේ 27 වැනි තරගයෙන් ඕමාන කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කරමින්.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 221 ක් ලබා ගත්තා.

සුරාජ් කුමාර් නොදැවී ලකුණු 53 ක් රැස් කළ අතර, ෂොයිබ් ඛාන් ලකුණු 50 කට දැවී ගියා. ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 116 දී බිද වැටුණු පසුබිමකයි ඔවුන් දෙදෙනා ඕමාන කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ක්යල් මේයර්ස් ලකුණු 31 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 39.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බ්‍රෙන්ඩන් කිංග් පන්දු 104 කින් ලකුණු 100 ක් රැස් කළේ හතරේ පහර 15 ක් සමගින්. ෂේයි හෝප් නොදැවී ලකුණු 63 යි.

ඒ අනුව ඕමාන කණ්ඩායමට සුපිරි 6 වටය කිසිදු ජයග්‍රහනයක් වාර්තා නොකර අවසන් කිරීමට සිදු වුණා.

ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...