අයර්ලන්ත නායකයා ධූරයට සමු දෙයි

Date:

අයර්ලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ඇන්ඩි බල්බර්නි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තයට නොහැකි වී සතියක් පමණ ගතව ඇති පසුබිමකයි.

පෝල් ස්ටර්ලින්ග් අයර්ලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතයි.

නායකත්වයෙන් ඉවත් වුව ද බල්බර්නි තවදුරටත් එරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී අයර්ලන්තය 7 වැනි ස්ථානයයි හිමි කරගත්තේ.

ඔවුන් තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග 6න් තරග 3ක් ජය ගැනීමට සමත් වුණා.

එම තරග ඔවුන් ජය ගත්තේ ඇමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නේපාලයට එරෙහිවයි.

බල්බර්නි වෙනුවට තාවකාලිකව කණ්ඩායමේ වගකීම පැවරුණු පෝල් ස්ටර්ලින්ග් මීට පෙර සීමිත පන්දුවාර තරග 13 කදී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවා තිබුණා.

නව නායකයෙකු පත් කිරීමේ කටයුතු මෙම වසර අවසානයේ දී පමණ සිදු කරන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...