කොදෙව් ප්‍රබලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඉවත් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් හා වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරග දෙක සදහා ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් දෙදෙනා යළි සිම්බාබ්වේ සිට සිය රට බලා පිටත්ව යන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව තරගාවලියේ සුපිරි 6 වටය යටතේ අද (5) පැවැත්වීමට නියමිත ඕමානයට එරෙහි තරගය හා එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි තරගය සදහා ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ නැහැ.

කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ක්‍රීඩා කටයුතු කලමණාකරණය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියක් එළඹෙන 12 වැනිදා Dominica හී දී ආරම්භ වීමට නියමිත අතර, ප්‍රධාන වශයෙන් එම තරගාවලිය අරමුණු කර ගනිමිනුයි කොදෙව් ක්‍රිකට් ආයතනය ඔවුන් දෙදෙනාව සුපිරි 6 වටයේ ඉදිරි තරග දෙකෙන් ඉවත් කර ඇත්තේ.

සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව කොදෙව් කණ්ඩායම මෙතෙක් කිසිදු ප්‍රසාද ලකුණක් හිමි කර ගෙන නැහැ. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඒ හේතුවෙන් 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද කොදෙව්වන්ට අහිමි වුණා.

ඒ අනුව ඉදිරි තරග දෙකේ ප්‍රතිපල ඔවුන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන බැවින් මෙලෙස ජේසන් හෝල්ඩර් හා අල්සාරි ජෝසප් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...