ඉන්දීය ක්‍රීඩකයින් තේරීමේ වගකීම හිටපු වේග පන්දු යවන්නාට පැවරෙයි

Date:

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ (පිරිමි) (Senior Men’s Selection Committee) සභාපතිවරයා ලෙස ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක අජිත් අගාර්කාර් පත් කර තිබෙනවා.

ලැබුණු ඉල්ලුම්පත් අනුව පැවැත්වූ සම්මුඛ පරීක්ෂණවලින් පසුව ක්‍රිකට් උපදේශක කමිටුව විසින් ඒකමතිකව ඔහුව එම ධූරය සදහා නිර්දේශ කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඉන්දීය තේරීම් තමිටුවේ හිටපු සභාපතිවරයා වූ චේතන් ෂර්මා පසුගිය පෙබරවාරි මාසයේ දී ඉල්ලා අස්වීමෙන් පසුව එම ධූරය මෙතෙක් පුරප්පාඩු වී පැවතුණා.

ඉන්දීය මාධ්‍ය නාලිකාවක් විසින් රහසිගත කැමරාවක් හරහා පටිගත කළ රූපරාමු ඔස්සේ චේතන් ෂර්මා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙනුයි ඔහු ධූරයෙන් ඉවත් වුණේ.

අජිත් අගාර්කාර් ඉන්දීය තේරීම් කමිටුවේ 5 වැනි සාමාජිකයා ලෙසයි අද පත් වුණේ. මේ වන විට එරට තේරීම් කමිටුවට Shiv Sundar Das, Subroto Banerjee, Salil Ankola හා Sridharan Sharath යන සාමාජිකයින් ඇතුළත්ව සිටිනවා.

45 වන වියේ පසුවන අගාර්කාර් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 ක්, එක්දින තරග 191 ක් හා 20යි 20 ජාත්‍යන්තර තරග 4 ක් ක්‍රීඩා කර තිබුණා.

ඔහු ක්‍රීඩා කර ඇති සමස්ත පළමු පෙල තරග ගණන 110 ක් වන අතර, List A එක්දින තරග 270 ක් හා 20යි 20 තරග 62 ක් ද අජිත් අගාර්කාර් ක්‍රීඩා කළා.

2007 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දිනූ ඉන්දීය සංචිතයට ද ඔහු ඇතුළත්ව සිටියා.

Men’s Selection Committee:

Ajit Agarkar (Chairperson), Shiv Sundar Das, Subroto Banerjee, Salil Ankola, Sridharan Sharath.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...