ස්කොට්ලන්තයට පැරදුණු සිම්බාබ්වේ පිල ලෝක කුසලාන සටනෙන් ඉවතට විසි වෙයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අද(4) අහිමි වුණා.

ඒ, ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 26 වැනි තරගයේ දී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 31 කින් අනපේක්ෂිත ලෙස ලැබූ පරාජයත් සමගයි.

බුලවායෝ හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 234 ක් රැස් කළා.

මයිකල් ලීස්ක් ලකුණු 48(34)ක් හා මැතිව් ක්‍රොස් ලකුණු 38 ක් ලබා ගත්තා. බ්‍රෙන්ඩන් මැක්මලන් ලකුණු 34 යි. පන්දු යැවිමේ දී ශෝන් විලියම්ස් කඩුලු 3 ක් හා ටෙන්ඩයි චටාරා කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41.1 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 203 ක් පමණයි.

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 37 ක් තුළ බිද වැටුණා. Joylord Gumbie ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ක්‍රෙයිග් අර්වින් ලකුණු දෙකකටත්, ශෝන් විලියම්ස් හා ඉනසන්ට් කයියා ලකුණු 12 බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

© ICC/Getty Images

සිකන්ඩ රාසා ලකුණු 34 යි. වෙස්ලි මධවේරේ ලකුණු 40 කට දැවී ගියා. රයන් බර්ල් පන්දු 84 කින් ලකුණු 83 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. හයේ පහරක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ක්‍රිස් සෝල් කඩුලු 3 ක් දවා ගත් අතර, බ්‍රෙන්ඩන් මැක්මලන් හා මයිකල් ලීස්ක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා මේ වන විට අවස්ථාව පවතින්නේ ස්කොට්ලන්ත කණ්ඩායමට හෝ නෙදර්ලන්ත කණ්ඩායමට පමණයි.

මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය පහළ අගයක් ගෙන තිබීම හේතුවෙනුයි ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට අද සිදු වුණේ.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...