තෙවැනි අළුබදුන ගැටුමට එංගලන්ත සංචිතය නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ඊයේ(2) නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියානු ඉනිම් දෙක අතරතුර දී ම දකුණු උරහිසේ ආබාධවලට ලක් වූ ඔලී පෝප් ද සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණවලට ද මුහුණ දීමට නියමිතව ඇති බව සදහන්.

ඔලී පෝප්ට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඔහු වෙනුවට ඩෑන් ලෝරන්ස් එම තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

ආබාධයක් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ මොයීන් අලී තෙවැනි තරගයට ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඔහු වෙනුවට අවශ්‍ය වුවහොත් දෙවැනි තරගය සදහා කණ්ඩායමට කැදවීමේ අරමුණින් සංචිතයට නම් කර සිටි රෙහාන් අහ්මඩ් මෙන්ම මැතිව් පොට්ස් ද සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් අළුබදුන තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, තෙවැනි ටෙස්ට් තරගය ලීඩ්ස්හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ දී එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

England squad for third Test:

Ben Stokes (c), Moeen Ali, James Anderson, Jonny Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Ollie Pope, Ollie Robinson, Joe Root, Josh Tongue, Chris Woakes, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...