ලකුණු 74 ක ජයකින් නෙදර්ලන්තය බලාපොරොත්තු රදවා ගනියි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 25 තරගයෙන් ඕමානය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 74 ක ජයක් වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිළිබද සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(3) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් නෙදර්ලන්ත ඉනිම පන්දුවාර 48 කට සීමා කෙරුණා.

නෙදර්ලන්තය පන්දුවාර 48 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 362 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

Vikramjit Singh පන්දු 109 කින් ලකුණු 110 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් සමගින්. Wesley Barresi ලකුණු 97 කට දැවී ගියා. පන්දු 65 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Bilal Khan කඩුලු 3 ක් දවා ගත් අතර, Mohammad Nadeem කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය පන්දුවාර 44 ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියදී තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නතර කිරීමට තීරණය කළා.

ඒ වන විට තරගය ජය ගැනීමටනම් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන් ලකුණු 321 ක් ලබා ගෙන සිටිය යුතුව තිබුණා. ඒ අනුවයි නෙදර්ලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 74 ක ජයක් හිමි වුණේ.

Ayaan Khan නොදැවී ලකුණු 105 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. පන්දු 92 කින් ඔහු එම ඉනිම ගොඩ නැගුවේ හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් සමගින්.

පන්දු යැවීමේ දී Aryan Dutt කඩුලු 3 ක් හා Ryan Klein කඩුලු 2 ක් දවා ගත්තා.

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...