චමරිගේ සුපිරි ශතකය හමුවේ නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්

Date:

චමරි අතපත්තු වාර්තා කළ නොදැවුණු ශතකය හමුවේ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු වරට ද්විපාර්ශ්වික තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1 ක් ‍ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වීමත් සමගයි.

ගාල්ලේ පැවැති තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමට පන්දුවාර 31 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ වන විට ඔවුන් කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 127 ක්.

Suzie Bates නොදැවී ලකුණු 63 ක් රැස් කර සිටි අතර, Sophie Devine නොදැවී ලකුණු 38යි.

අනතුරුව නවසීලන්ත ඉනිම යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 29 කදී තරගය ජය ගැනීම සදහා ලකුණු 196 ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය පන්දුවාර 26.5 ක් පමණක් අවසානයේ දී කඩුලු 2 ක් දැවී පසු කර යාමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණේ තරගාවලියේ ජය ද ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

නායිකා චමරි අතපත්තු පන්දු 80 කින් වේගවත් ලකුණු 140 ක් නොදැවී රැස් කළා. ඒ, හයේ පහර 9 ක් හා හතරේ පහර 13 ක් සමගින්.

විශ්මි ගුණරත්න ලකුණු නොලබා සිටියදීත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 3ක් ලබා සිටියදීත් දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව චමරි සමග එක් වූ නිලක්ෂි ද සිල්වා තෙවැනි කඩුල්ල සදහා ලකුණු 190* (140) ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ හොදම සම්බන්ධතාවයයි.

නිලක්ෂි පන්දු 68 කින් නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...