අඛණ්ඩව ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ නේදන් ලයන් අළුබදුනෙන් ඉවතට

Date:

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් අළුබදුන ටෙස්ට් තරග 3 ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ඊයේ (2) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නිමා වූ දෙවැනි තරගයේ දී දකුණු පාදයේ මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී පන්දු රකිමින් සිටියදීයි නේදන් ලයන් දකුණු පාදයේ ආබාධයකට ලක් වුණේ.

අනතුරුව පන්දු යැවීමට හෝ පන්දු රැකීමට ඔහු එක් නොවූ නමුත්, ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී දැඩි අපහසුතාවයකින් යුතුව ඔහු පන්දුවට පහර දීමට පිටියට පිවිසියා.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තවත් ලකුණු 15 ක් රැස් කිරීම සදහා ඔහු දායකත්වය දැක් වූ අතර, ලකුණු 43 කින් තරගය ජය ගැනීම සදහා එය ද ඔස්ට්‍රේලියාවට හේතුවක් බවට පත් වුණා.

නේදන් ලයන් අඛණ්ඩව ක්‍රීඩා කළ 100 වැනි ටෙස්ට් තරගය වූයේ ද ඊයේ නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයයි. ටෙස්ට් ඉතිහාසයේ එලෙස අඛණ්ඩව තරග 100 ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රීඩකයා වන්නේ ඔහුයි. එමෙන්ම එම දක්ෂතාවය දැක් වූ පළමු පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

ලයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියානු සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව මෙතෙක් කටයුතු කර නැහැ.

ඒ අනුව බ්‍රහස්පතින්දා Headingley ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දග පන්දු යවන ක්‍රීඩක ටොඩ් මර්ෆි නම් කිරීමට ඉඩ පවතිනවා.

මේ අතර, ලයන් වෙනුවට ලෝඩ්ස් ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී පන්දු රැකීමේ කාර්යයේ නිරත වූ මැට් රේන්ෂෝ සංචිතයෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස එංගලන්තයේ රැදී සිටීමට නියමිතයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය මේ වන විට ක්‍රීඩකයින් 16 දෙනෙකු දක්වා අවම වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන අළුබදුන තරගාවලිය මේ වන විට තරග 2-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Australia squad for third Test:

Pat Cummins (c), Steven Smith (vc), David Warner, Usman Khawaja, Marnus Labuschagne, Travis Head, Cameron Green, Alex Carey (wk), Mitchell Starc, Josh Hazlewood, Todd Murphy, Scott Boland, Michael Neser, Marcus Harris, Mitchell Marsh, Jimmy Peirson (wk)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...