මොහමඩ් ෂෙසාඩ් වසර දෙකකට පසු යළි ජාතික කණ්ඩායමට

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැති ටෙස්ට් තරගයන් විවේක ගැන් වූ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් මෙම සංචිතය සදහා නම් කර ඇති අතර, ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.

බංග්ලාදේශයට එරෙහිව නම් කෙරුණු හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන එක්දින සංචිතයට ද රෂීඩ් නම් කෙරුණා.

2021 වසරේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ මොහමඩ් ෂෙසාඩ් යළි 20යි 20 සංචිතයට කැදවීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

මොහමඩ් නබී, නජිබුල්ලාහ් සඩ්‍රාන් හා හස්රතුල්ලාහ් සසායි ද යළි 20යි 20 සංචිතයට කැදවා තිබෙනවා.

එක්දින හා 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Wafadar Momand ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගැනීමට සමත්ව ඇති බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරග දෙක ජූලි 14 වැනිදා හා 16 වැනිදා සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිතයි.

Afghanistan squad:

Rashid Khan (c), Rahmanullah Gurbaz, Hazratullah Zazai, Mohammad Shahzad, Ibrahim Zadran, Mohammad Nabi, Najibullah Zadran, Sediq Atal, Karim Janat, Azmatullah Omarzai, Fazalhaq Farooqi, Naveen-ul-Haq, Wafadar Momand, Farid Ahmad, Noor Ahmad, Mujeeb Ur Rahman

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...