Watch : ස්ටක්ගේ ආන්දෝලනාත්මක උඩ පන්දුව මෙන්න ; MCC කරුණු පහදයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ(1) දිනයේ දී මිචෙල් ස්ටක් විසින් රැක ගත් ආන්දෝලනයට තුඩුදුන් උඩ පන්දුව සම්බන්ධයෙන් ක්‍රිකට් නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) මේ වන විට අදහස් දක්වා තිබෙනවා.

එම සමාජය පෙන්වා දෙන්නේ මෙම උඩ පන්දුව සම්බන්ධයෙන් විනිසුරුවන් ලබා දුන් තීන්දුව නිවැරැදි බවයි.

උඩ පන්දුවක් රැක ගෙන සම්පූර්ණ වන්නේ පන්දුව හා පන්දු රකින්නාගේ චලනයන් සම්පූර්ණයෙන්ම පන්දු රකින්නා විසින් පාලනය කළහොත් පමණක් බව MCC ය සදහන් කර තිබෙනවා.

ඒ අනුව පන්දුව හා පන්දු රකින්නාගේ චලනයන් සම්පූර්ණයෙන් පාලනය වනතුරු පන්දුව ක්‍රීඩාංගනයේ ස්පර්ශ වීම සිදු නොවිය යුතුයි.

මෙම සිද්ධියේ දී ද මිචෙල් ස්ටක්ගේ චලනයන් සම්පූර්ණයෙන් පාලනය වීමට පෙර පන්දුව බිම ස්පර්ශ වන බවත්, එබැවින් එය නොදැවී යාමක් බවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජය පෙන්වා දෙනවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අවසන් වීමට සුළු වේලාවකට පෙර මෙම ආන්දෝලනයට තුඩු දුන් විනිසුරු තීරණය ලබා දුන්නේ එංගලන්ත පිතිකරු බෙන් ඩකට් එල්ල කළ පහරකින් පසුව ස්ටක් fine leg කලාපයේ සිට රැකගත් උඩ පන්දුවක් සම්බන්ධයෙනුයි.

ඒ වන විට බෙන් ඩකට් ලකුණු 50 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. පළමුව උඩ පන්දුව රැක ගත් බවට තීරණය කර තිබූ නමුත්, පුනරූපනවලින් පන්දුව ක්‍රීඩාංගනයේ ස්පර්ශ වන බව දක්නට ලැබීමත් සමගයි තෙවන විනිසුරු විසින් එය නොදැවී යාමක් ලෙස නම් කරනු ලැබුවේ.

දිනය අවසන් කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 371 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114 ක්.

අදාළ උඩ පන්දුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...