Watch : ස්ටක්ගේ සුපිරි පන්දුවක් හමුවේ පෝප් දැවී ගිය හැටි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද(1) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් එංගලන්ත පිතිකරු ඔලී පෝප්ගේ කඩුල්ල දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් සමත් වුණා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 279 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 371 ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා.

එංගලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස සැක් ක්‍රව්ලි ලකුණු 3 කට දැවී ගියේ මිචෙල් ස්ටක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව ඔලී පෝප් ලකුණු 3 ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, ස්ටක් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ඒ වන විට එංගලන්ත ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 13 ක් ලෙසයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 416 ක්.

පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 325 ක් රැස් කිරීමට සමත් වුණා.

ඔලී පෝප් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...