Watch : වෝනර් අන්ත අසරණ වූ ටොන්ග්ගේ සුපිරි පන්දුව

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද(28) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීමට එංගලන්තයේ ජොෂ් ටොන්ග් සමත් වුණා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළේ වෝනර් සමගින් උස්මාන් කවාජා. කවාජා ලකුණු 17 කට දැවී ගියේ ද ජොෂ් ටොන්ග්ගේ පන්දුවක් හමුවේයි.

පන්දුව නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයකදී එය කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් කවාජා දැවී ගියා.

අනතුරුව වෝනර් ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේ ද ටොන්ග්ගේ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

පන්දු 88 කින් වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

වෝනර් හා කවාජා දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...