ඔස්ට්‍රේලියාව සමග හෙට(28) ආරම්භ වීමට නියමිත දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.
පළමු ටෙස්ට් තරගයේ දී ඇගිල්ලක ආබාධයකට ලක් වූ මොයීන් අලී මෙම තරගය සදහා නම් කර නොමැති අතර, ඒ අනුව ඔහු වෙනුවට ජොෂ් ටොන්ග් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
කඩුලු 2 කින් පරාජයට පත් වූ පළමු ටෙස්ට් තරගටයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම හා සැසදීමේ දී මෙම ආදේශ කිරීම හැර වෙනත් කිසිදු වෙනස්කමක් එංගලන්ත කණ්ඩායමට සිදු කර නැහැ.
මොයීන් අලීගේ ආබාධය මේ වන විට සම්පූර්ණයෙන්ම සුව වී ඇති බවයි නායක බෙන් ස්ටොක්ස් සදහන් කළේ.
කෙසේ වෙතත්, දෙවැනි තරගය පැවැත්වෙන ලෝඩ්ස් තණතීරුව දෙස අවධානය යොමු කර ජොෂ් ටොන්ග් කණ්ඩායමට කැදවූ බව එංගලන්ත නායකයා කියා සිටියා.
ඒ අනුව වේග පන්දු යවන්නන් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෙට තරගයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වදිනු ඇති.
England XI:
Ben Duckett, Zak Crawley, Ollie Pope, Joe Root, Harry Brook, Ben Stokes (c), Jonathan Bairstow (wk), Stuart Broad, Ollie Robinson, Josh Tongue, James Anderson

