ඉහළ වායුගෝලයට ගිය ලෝක කුසලානය ශ්‍රී ලංකාවට එන දිනය නිවේදනය කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ වීම සදහා තවත් ඇත්තේ දින 100 ක කාලයක් පමණයි.

තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ.

ලෝක කුසලානය වායු ගෝලයේ ස්ථරයක් වන අපරිවර්තී ගෝලය (stratosphere) වෙත රැගෙන යමින් කුසලාන චාරිකාව ආරම්භ කළ බව අයි.සී.සී ය සදහන් කළා.

එනම් පෘථිවියේ සිට අඩි 120,000 ක් ඉහළ වායුගෝලය දක්වා ලෝක කුසලානය බැලූනයක් ආධාරයෙන් දියත් කිරීම සිදු කර තිබෙනවා.

අනතුරුව එය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණා.

ලෝක කුසලානය ලොව වටා රැගෙන යාම අද(27) සිට ආරම්භ වන අතර, රටවල් 18 ක් වෙත කුසලානය රැගෙන යාමට නියමිතයි.

එහිදී කුවේට්, බහරේන්, මැලේසියාව, නයිජීරියාව, උගන්ඩාව, ප්‍රංශය, ඉතාලිය, ඇමෙරිකාව වැනි රටවල් වෙත ද කුසලානය රැගෙන යාමට නියමිතව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

අද දිනයේ සිට ජූලි 14 වැනිදා දක්වා එය ඉන්දියාව තුළ රැගෙන යාම සිදු වන අතර, අනතුරුව ලොව වටා රැගෙන යන කුසලානය යළි තරගාවලිය පැවැත්වෙන ඉන්දියාව වෙත සැප්තැම්බර් 4 වැනිදා රැගෙන යාමට නියමිතයි.

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදු වන්නේ අගෝස්තු 5 වැනිදායි. (ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ කාලසටහන පහතින්)

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ද අද දිනයේ දී නිවේදනය කිරීමට නියමිතව ඇති බව සදහන්.

Full schedule of the Trophy Tour:

  • 27 June – 14 July: India
  • 15 – 16 July: New Zealand
  • 17 – 18 July: Australia
  • 19 – 21 July: Papua New Guinea
  • 22 – 24 July: India
  • 25 – 27 July: USA
  • 28 – 30 July: West Indies
  • 31 July – 4 August: Pakistan
  • 5 – 6 August: Sri Lanka
  • 7 – 9 August: Bangladesh
  • 10 – 11 August: Kuwait
  • 12 – 13 August: Bahrain
  • 14 – 15 August: India
  • 16 – 18 August: Italy
  • 19 – 20 August: France
  • 21 – 24 August: England
  • 25 – 26 August: Malaysia
  • 27 – 28 August: Uganda
  • 29 – 30 August: Nigeria
  • 31 August – 3 September: South Africa
  • From 4 September: India

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...