“4ට යන එක තමයි ප්‍රධානම ඉලක්කය” – දිමුත් ඉදිරි සැලසුම් පහදයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 4 තුළට ගෙන ඒම සිය අරමුණ බව ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

එක්දින සහ ටෙස්ට් යන අංශ දෙකෙන්ම පළමු ස්ථාන 4 තුළ රැදී සිටීම වැදගත් බවයි දිමුත් පෙන්වා දෙන්නේ.

“ශ්‍රේණිගත කිරීම්, ශ්‍රේණිගත කිරීම් සහ ශ්‍රේණිගත කිරීම් තමයි වැදගත්ම වචනය. මම කියන්නේ ශ්‍රී ලංකාව එක්දින සහ ටෙස්ට් යන අංශ දෙකෙන්ම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 4 තුළ රැදී සිටිය යුතුයි කියලා. එයින් වක්‍රව හැදින්වෙන්නේ අපි අවසන් පූර්ව වටයේ කියන එක. ඒ කියන්නේ සමහරවිට තරග දෙකක් පමණයි පිටුපසින් සිටින්නේ උසස්ම තැනට ළගා වෙන්න. ඔබ ඔබේ දිනයේ හොදින් ක්‍රීඩා කළහොත් ලෝක ශූරයින් වෙන්න පුලුවන්.”

යනුවෙන් ශ්‍රී ලංකා නායකයා කියා සිටියා.

සිය පෞද්ගලික දක්ෂතා සැලකීමේ දී ටෙස්ට් ශතක 25ක් සහ ඉනිමක සාමාන්‍ය 50ට වැඩි අගයක් ලබා ගැනීම තම ප්‍රධානමතම අරමුණ බවයි දිමුත් කරුණාරත්න සදහන් කළේ.

ක්‍රිකට් දිවියේ මේ දක්වා පැවැති තරග අතරින් අමතක නොවන අවස්ථා මොනවා දැයි විමසූ පැනයකට දිමුත් මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

“කාට හෝ අමතක කළ හැකිද සිය මංගල ටෙස්ට් තරගය. ඒ වගේම මංගල ටෙස්ට් ශතකය. එංගලන්තයට එරෙහිව ලෝක කුසලානයේ දී ලැබූ ජයග්‍රහනය. ඒ වගේම දකුණු අප්‍රිකාවේ දී මාගේ නායකත්වය යටතේ ලැබූ ටෙස්ට් තරගාවලි ජයග්‍රහනය වැදගත් මතක සටහනක්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...